brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සත්කාරක එංගලන්තයට

31 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම විශිෂ්ඨ අන්දමින් ජයගැනීමට සමත්ව තිබේ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 104කට පරාජයට පත්කරමිනුයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමු පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 311ක් රැස්කර ගත්තේය. එංගලන්ත පිල වෙනුවෙන් බෙන් ස්ට්‍රොක් ලකුණු 89ක්, ඉයන් මෝර්ගන් ලකුණු 57ක්, ජේසන් රෝයි ලකුණු 54ක් සහ ජෝයි රූට් ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණයි. තරගයේ වීරයා බවට පත්වූයේ බෙන් ස්ට්‍රොක් ය.
 

More News..