brand logo

ලෝක කුසලානෙන් පසුවත් මට වගකීමක් තියෙනවා - මාලිංග

21 November 2019

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග එළඹෙන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසුව තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී. ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන මාලිංග විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘ඇත්තටම මට මගේ දක්ෂතා ගැන අවබෝධයක් තියෙනවා. දැනට මට පන්දු යැවීමේදී පැවරෙන්නේ පන්දුවාර 4ක වගකීමක්. මට විශ්වාසයි තවත් ඉදිරියට රට වෙනුවෙන් මේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් කියලා’ යි කියා සිටියේය. ලොව පිට පිට පන්දු 4කට කඩුලු 4 අවස්ථා ද්විත්වයක් සමගින් කඩුලු ත්‍රිත්ව 5ක් වාර්තා කර ඇති මාලිංග, පන්දුවාර 20 තරග රටාවේ වැඩිම කඩුලු ලාභියාද වන්නේය. ඒ වගේම මුම්බායි ඉන්දියන්ස් පිලේ නිත්‍ය වේග පන්දු යවන්නකු වශයෙන් කටයුතු කරන මාලිංග මේ දිනවලට එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන ටී10 තරගාවලියටද සහභාගි වී සිටියි.
 

More News..