brand logo

ලෝක කුසලානය ජය ගැනීමේ වැඩි අවස්ථාව ඉන්දියාවට හෝ එංගලන්තයටයි

12 March 2019

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි. ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව දක්ෂ දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් බවට පත්වෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සංගක්කාර....., ශ්‍රී ලංකා කණ්ඩායම ගතවූ වසර දෙකක කාලය තුළ දැඩි සටනක නිරත වුණා. ඔවුන්ට පුළුවන් දේ අපි දැක්කා. දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ අතිදක්ෂ කණ්ඩායමක්. එයාලට අත්දැකීම් අවශ්‍යයි. එයාලට නිදහස් මානසිකත්වයකින් පිටිය මැදට ගිහින් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. කාලයත් සමඟම ඔවුන් හොඳ කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට මට විශ්වාසයි. ශ්‍රී ලංකාව ගැන ඔවුන්ට කළ හැකි දේ අපි දැක්කා. දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ඨ ටෙස්ට් ජයක් වාර්තා කළා. එයාලා මුලින්ම අවශ්‍ය තේරුම් ගැනීම. කොහොම ක්‍රීඩා කරන්නේ සහ කොහොමද හොදට ක්‍රීඩා කරන්න කියන කාරණය සම්බන්ධව. විරාට් කෝලි ගැන මොනතරම් විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ද ඔහු. විරාට් නිරපේක්ෂ ශ්‍රේෂ්ඨයෙක්. ඔහුට තවත් කළ හැකි දේ බොහෝමයි. එය භයානකම කොටසද වේ. ඔහු දැන් සිටින්නේ ඔහුගේ වෘත්තියේ මැද කොටසේ. ඉදිරි වසර කිහිපය තුළ වඩාත් හොඳ තත්ත්වයේ සිටීවී. ලෝක කුසලානය ඉන්දියාව සහ එංගලන්තය ලෝක කුසලානය ජයගැනීම සදහා ඉහළින්ම සිටින කණ්ඩායම් දෙකයි. ඔ්ස්ටේ්‍රලියාව අති විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායමක්. දකුණු අප්‍රිකාවට පුළුවන් අභියෝගයක් දෙන්න. නවසීලන්තය, ඔවුන් රේඩාර් යටින් පියාසර කරනවා, නමුත් ඔවුන් ඉතා හොද ස්ථාවරයක ඉන්නවා. කොහොමද ලකුණු අතර ඉන්න පිතිකරුවෙක් බවට පත් වන්නේ මුලින්ම ඔබට සැළසුමක් සහ වගකීමක් තියෙන්න අවශ්‍යයි. ඔබත් එකම විදිහට පුහුණු කර දිනපතාම ඔබේ හැකියාවන් වර්ධනය කරගැනීමට වගබලා ගත යුතුයි. පුහුණුවීම් අතතුර, ඔබේ ශරීර යෝගයතාවය ඉහළ මට්ටමක පවත්වාගන්න. ඔබේ ප්‍රගතිය වැඩිවන විට ක්‍රීඩාව තුළදී අලුත් දේවල් ඊට එකතු කරගන්න.
 

More News..