brand logo

ලෝක කුසලානයේ 7 වැනි සහ 8 වැනි තරගවල ජය ඉන්දියාවට සහ නවසීලන්තයට

06 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ තරග දෙකක් පැවැති අතර, එම තරග දෙක නවසීලන්තය සහ ඉන්දියාව ජයග්‍රහණය කරනු ලැබුවේය. පළමු තරගය බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැති අතර, එම තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස්කර ගත්තේය. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගනු ලැබුවේ ශකීබ් අල් හසන් විසින්ය. ශකීබ් ලකුණු 64ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47යි පන්දුවකදී කඩුළු 8ක් දැවී ලකුණු 248ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය. නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගයේ ජය නවසීලන්තයට හිමිවිය. මේ අතර ඊයේ දිනයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 227ක් රැස්කර ගත්තේය. අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 230ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 122ක් රැස්කර ගත්තේය. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද ඇතුළත් වේ. ඒ අනුව මෙම තරගය ඉන්දීය කණ්ඩායම ජය ගැනීමට සමත් විය.
 

More News..