brand logo

ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට දිවයිනෙන් පිටත්ව යයි

06 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා පිල හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ අද (06) පස්වරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ජූනි 01 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග කිහිපයකටත් එක්වීමට නියමිතව තිබේ. පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසියට ඊයේ සහභාගි වූ ආකාරයයි.
 

More News..