brand logo

ලෝක කායවර්ධන ශූරතාවය දිනූ "ආසියාවේ කලු සිංහයා" ශ්‍රී ලංකාවට

19 December 2018

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්, එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණියා. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ඊයේ (18) රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. 10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය 12/14 සිට 12/16 දින දක්වා තායිලන්තයේ "චියන්මායි " හී දී රටවල් 52 ක ලෝකයේ මුල් පෙළේ ක්‍රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණා. එහිදී එම සියලු ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් කිලෝ ග්රැම් 100 ට වැඩි බර පංතිය යටතේ තරග වැදුන " ආසියාවේ කලු සිංහයා " යන විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන තිබුණා. එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු සිදු කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන දිවයිනට පැමිණි ලූෂන් පුෂ්පරාජ් පිළිගැනීමට ඔහුගේ ආදරණීය බිරිඳ , දරුවා , මව්පියන් , නෑදෑ හිතවතුන් , ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයන් , ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රිඩා සම්මේලන වල නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලංකාවේ ලෝක මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා ද කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ , අති උත්කර්ෂවත් ලෙස පිළි ගනු ලැබුවා.
 

More News..