brand logo

ලෝකෙන්ම කොවිඩ් තුරන් කරන්න ඇමරිකාවෙන් මෙහෙයුමක්

04 June 2021

ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබෙන හැටි මෙන්න

කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා පුලුල් එන්නත් කිරීමේ යාන්ත්‍රණයක් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදයේ නිෂ්පාදිත එන්නත් මිලියන 80ක් රටවල් සමූහයකට ප්‍රධානය කිරීමට ජනාධිපති ජෝ බයිඩන්, කැමලා පරිපාලනය තීරණය කර තියෙනවා.

ජූනි මාසය අවසන් වෙද්දී එක්සත් ජනපද එන්නත් මිලියන 80ක් මුළු ලෝකයටම බෙදා හැරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙල ගැනත් ඉන් පළමු වැනි මාත්‍රා මිලියන 25 බෙදා හරින ආකාරය ගැනත් ජුනි 3 වැනිදා ධවල මන්දිරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එක්සත් ජනපදයේ එන්නත් පරිත්‍යාග කිරීම හරහා එන්නත් නිපදවන අනෙකුත් රටවල්වලටද එලෙස කිරිමට අනුබල දෙන අතරම මෙම වසංගතය පමණක් නොව ඉදිරියට වර්ධනය වන වසංගත තත්ත්වයන්ට පවා මූණ දීමට ලෝකය සූදානම් කිරීම අභිලාෂය වී තියෙනවා. බොහෝ රටවලින් එක්සත් ජනපදයෙන් එන්නත් ඉල්ලා ඇති අතර එසේ ඉල්ලුුම් කළ රටවල් සඳහා එන්නත් මාත්‍රාවලින් සියයට 25ක් කෙලින්ම බෙදා හැරීමට සැලසුම් කර තියෙනවා. එක්සත් ජනපදයෙන් එන්නත් බලාපොරොත්තු වන සියලු රටවලට තමන් එන්නත් ලබා දෙන බව පවසන එක්සත් ජනපදය ඒ වෙනුවෙන් කිසිදු රටකින් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවත් එක්සත් ජනපදයෙන් එන්නත් ඉල්ලුම් කරන හදිසි අවශ්‍යතා ඇති රටවල වසංගතය සමග ගැටෙමින් ඉදිරියෙන්ම ක්‍රියා කරන සේවකයින්ට ප්‍රමුඛතාව ලැබෙන පරිදි එන්නත් බෙදා හරින බවත් පවසනවා.

ඔවුන් නිවේදනය කළ දේ මෙන්න

මුලු ලෝකයෙන්ම වසගතය තුරන් කිරීම සඳහා එක්සත් ජනපදය එන්නත් බෙදා හැරීම සේවයක් ලෙස සිදු කරයි.

ඇමරිකා එක්සත් ජනපදය එන්නත් අත්‍යවශ්‍ය රටවලට එක්සත් ජනපදයේ එන්නත් සියයට 75ක්ම බෙදා හරින්නේ කොවැක්ස් (COVAX) හරහායි. මෙමගින් එන්නත් බෙදා හරීම පලදායි ලෙස සිදු වෙනවා මෙන්ම රටවල් රාශියකට මේ හරහා එන්නත් බෙදා හරින අතර එකී රටවල වැඩිම අවදානම කණ්ඩායම් වලට එන්නත් ලැබීමේ හැකියාව ඇති කරයි.

කොවැකිස් හරහා එන්නත් බෙදා හැරීමේදී එක්සත් ජනපදය මේ රටවල ප්‍රමුඛතාව දෙනු ඇත.

ලතින් ඇමරිකාව, කැරබියන්, දකුණු ආසියාව, ගිනිකොන දිග ආසියාව, අප්‍රිකානු සහයෝගිතාව.

ප්‍රධානයන්ගෙන් සියයට 25ක් හදිසි අවශ්‍යතා සහ හදිසි උත්සන්න වීම් සඳහා උපකාර වීමට.

ලෝකයේ බෝහෝ රටවලින් එක්සත් ජනපදයට එන්නත් සඳහා ඉල්ලීම් ලැබී ඇත. මෙම ප්‍රධානයන්ගෙන් සියයට 25ක් එන්නත් අත්‍යාවශ්‍ය රටවලට, වසංගතය උත්සන්නවීම් වන රටවල්වලට, එක්සත් ජනපදයේයෙන් ඉක්මන් සහය ඉල්ලා තිබෙන රටවලට හා අසල්වාසී රටවල්වලට කෙලින්ම ලබා දෙනු ඇත.

එක්සත් ජනපදය කරන්න යන දේ

ලෝකය එන්නත්වලින් ආවරණය සඳහා වේදිකාව සකස් කිරීම- පළමු මාත්‍රා තොගය ප්‍රධානය කිරිම හරහා මුළු ලොකයම එන්නත් මගින් ආවරණය කිරීමේ එක්සත් ජනපද අවශ්‍යතාව ලෝකයට පෙන්නුම් කිරීම.

උදවු අවශ්‍ය රවල් හා අසල්වාසී රටවලට උදවු කිරීම

ඔවුන්ගේ පළමු මාත්‍රා ප්‍රධානය කරන්නේ අසල්වැසියන් වන කැනඩාවට හා මෙක්සිකෝවටයි. ඒ වගේම ලතින් ඇමරිකාවට හා කැරිබියන් දූපත් වලටත් ලබා දෙන අතර ඒක පුද්ගල පදනමකින් ප්‍රමුඛතාව ලබා දෙයි.

පළමු මිලියන 25 මාත්‍රාවල සැලසුම

මිලියන 19කට ආසන්න එන්නත් ප්‍රමාණයක් කෝවැක්ස් සමග බෙදා හරියි.

එයින් මිලියන 6 කට ආසන් ප්‍රමාණයක් දකුණු හා මධ්‍යම ඇමරිකානු රටවලටත් බ්‍රසීලය, කොලම්බියාව, කොස්ටාරිකා, පේරු, ඉක්වදෝර්, පැරගුවේ, බොලිවියා, ගෝතමාලා, එල්සැල්වදෝරය, හොන්ඩුරාස, පැනමා, හයිටිය සහ වෙනත් කැරබියාන් රටවලට සහ ඩොමිනික් ජනරජයේ රටවලටද ලබා දෙයි.

මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් ආසියාවේ පහත් දැක්වෙන රටවල් වලට බෙදා හරියි. ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවවයින, මැලේශියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීශියාව, තායිලන්තය, ලාඕසය, පැපැවා නිවුගිනියාව, තායිවානය හා පැසිපික් දූපත්.

මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් අප්‍රිකානු සාංගමයත් සමග සම්බන්ධීකරණයෙන් තෝරා ගන්නා අප්‍රිකානු රටවලට ලබා දෙයි. මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් කලාපීය ප්‍රමුඛතාව හා හවුල්කාර ලබාගන්නන් අරමුණු කරගනු ලැබේ. මෙක්සිකෝවා, කැනඩාවා, කොරියාානු ජනරජය, ගාසා ‍බටහිර ඉවුර, යුක්රේනය, කොසොවෝ, හයිටි, ජෝර්ජියා, ඊජිප්තුව, ජෝර්දානය, ඉන්දියාව,ඉරාකය,යේමනය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරිපෙළ සේවකයින්. මේ අයුරින් එන්නත් මිලියන ගාණක් බෙදා හැරීමෙන් ලෝකයෙන් කොවිඩ් තුරන් කිරීම සඳහා වූ එක්සත් ජනපදයේ කැපවීම පෙන්නුම් කරනවා. එක්සත් ජනපදය තුළ කළ ආකාරයෙන් හා පුලුවන් තරම් වේගයෙන් හා පලදායි ලෙස මේ කාර්යය කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. මෙය සිදු කිරීමේදී එක්සත් ජනපදයේ හා අනෙක් රටවල ඇති නීතිමය හා නියාමනයන් වලට ගරු කරමින් සිදු කිරීමටද වග බලා ගන්නවා. මීට යම් කාලයක් ගතවෙන නමුත් ජනාධිපති බයිඩ්න් සිය පරිපාලනය මෙහෙයවා තිබෙනවා මේ වසංගතයෙන් ලෝක ප්‍රජාව හැකි ඉක්මනින් ගලවා ගැනීම සඳහා ඔවුන් ලග ඇති සියලුම උපකරණ පාවිච්චිකිරීමට.

හරියට ම මේ එන්නත් මොනවාද? ඒවායින් කොපමණ ප්‍රමාණයක් ඒ ඒ රටවලට බෙදා හරිනවාද කියන එක පරිපාලනය මගින් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

වේහාන් සමරක්කොඩි වයිට් හවුස් එක කළ සම්පූර්ණ නිවේදනය පහත ලින්කුවෙන් බලන්න https://www.whitehouse.gov/briefing-room/statements-releases/2021/06/03/fact-sheet-biden-harris-administration-unveils-strategy-for-global-vaccine-sharing-announcing-allocation-plan-for-the-first-25-million-doses-to-be-shared-globally/
 

More News..