brand logo

ලෝකයේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය දෙකක් දකුණෙන් මතුවේ

08 August 2018

ලෝකයේ ප්‍රථම වරට තෝරියනයිට් හා තෝරයිට් ඛනිජ වර්ගයක් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් දකුණු පළාතෙන් සොයාගෙන ඇත. මෙම නවතම ඛනිජ ද්‍රව්‍ය මෙසේ සොයාගෙන ඇත්තේ ගාල්ල ඇල්පිටිය පිටුවල, ඌරගහ, හා කළුතර, කැළිඩෝ වෙරළ ආශ්‍රිතව ප්‍රදේශ හතරකිනි . තෝරියනයිට් ඛනිජයේ රසායනික සංයුතිය තෝරියම් ඔක්සයිඩ් වන අතර එහි විශිෂ්ට ගුරුත්වය 9.7 ක් වේ. තෝරයිට් ඛනිජයේ රසායනික සංයුතිය තෝරියම් සිලිකේට් වන අතර එහි විශිෂ්ට ගුරුත්වය 6.9 ක් වේ. දිවයිනේ විකිරණශීලි ඛනිජ පිළිබඳ මූලික අධ්‍යයනයන් මුලින්ම සිදු කර ඇති බවට වාර්තා වී ඇත්තේ 19 වන ශත වර්ෂයේ මුල් කාලයේදීය. 1904 වර්ෂයේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලි ඛනිජ ශ්‍රී ලංකාව තුළින් සොයා ගෙන ඇත. මෙම සමීක්ෂණ කටයුතු භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) කේ.ටී.යූ.එස් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යට‍තේ භූ විද්‍යාඥ, ඒ.එම්.ඩී.යූ. අබේසිංහ මහතා, භූ විද්‍යාඥ කේ.ඒ.ජී. සමීර මහතා, පර්යේෂණ නිලධාරී චන්දන රුක්මල් මහතා සහ සුධර්මා විතාන යන මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ලැබේ.
 

More News..