brand logo

ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉන්දියාවේ හයියට එයි

26 April 2021

ලොව උසම ගොඩනැගිල්ල වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඊයේ (25) රාත්‍රීයේ ඉන්දීය ධජයෙන් අලෝකමත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ #StaystrongIndia යන වචන පෙළද සටහන් කර තිබූ බවයි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වන විට ලොව වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති රටක් ලෙස සැළකෙන ඉන්දියාව තුළ මහජනතාව වෛරසයෙන් විදින දුක් වේදනා හේතු පාදක කර ගනිමින් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මෙලෙස ඉන්දියානුවන් දිරිමත් කිරීම වෙනුවෙන් මෙලෙස ඉදිරිපත්ව තිබේ. එමෙන්ම ඉන්දියාවට උදව් උපකාර කිරීම සදහා මේ වන විට ලොව බලවත් රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් ඉන්දියාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල මෙන්ම ඖෂධ ඇතුළු තවත් දෑ ලබාදෙමින් ආධාර කිරීමට ඉදිරිපත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 195,123කි. ආසාදිතයින් සංඛ්‍යාව 17,313,163ක් වන අතර, ඉන් 14,304,382දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 2,813,658දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.   https://youtu.be/q4Dxp7507vo
 

More News..