brand logo

නොබෙල් සාම තෑග්ග බෙදමින් නාසිවාදය වැළ`දගන්නා ස්වීඩනය

11 September 2018

ස්වීඩනය ධනවත් රටකි. වෙනත් රටවල් හා සසඳන විට ස්වීඩන් වැසියන්ට රැකියා ප‍්‍රශ්නයක් නොතිබුණි. නමුත් මෑත කාලයක සිට එහි රථවාහන ගිනි තැබීම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ ආදී අපරාධ සිදුවන බව ලෝක මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය වේ.ඊට හේතු ඉදිරිපත් කරන්නෝමැද පෙරදිග හා අප‍්‍රිකානු රටවලින් ස්වීඩනයට පැමිණ සිටින සංක‍්‍රමණිකයින්ට ඇ`ගිල්ල දිගු කරති. සංක‍්‍රමණිකයන්ගේ අදහස නව නාසීන් අපරාධවලට හේතුව බවයි. නමුත් සංක‍්‍රමණිකයින්ගේ කතාවලට වඩා නාසිවාදීන් කියන දේ ස්වීඩන් ජනතාව අතර පැතිරේ. නව නාසි දේශපාලන පක්ෂය මහජනයා අතර දිනෙන් දින ජනප‍්‍රිය වූයේ එබැවිනි. නාසින් මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ සුද්දන් නොවන සංක‍්‍රමණිකයින්ගෙන් ස්වීඩනය බේරා ගැනීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කරමිනි. සති අන්තයේ පැවති මැතිවරණයෙන් නව නාසි සංවිධානය ස්වීඩන් පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් අත්කර ගත්තේය. ඉදිරි කාලයේදී ඔවුන්ගේ ජනප‍්‍රියතාව තවත් ඉහළ යා හැක්කේ සංක‍්‍රමණික උත්පත්ති වැඩි වී සුදු ජාතිකයන්ගේ සංඛ්‍යාව අඩුවෙතැයි බියක් ස්වීඩන් ජාතියින් අතර පැතිරෙන බැවිනි. සංක‍්‍රමණිකයන්ගෙන් සියයට සියයක්ම ඉස්ලාමිකයින් වීම ක‍්‍රිස්තියානි ආගමිකයින් බියට පත් කරන සිද්ධියකි. ස්වීඩන් ජාතිකයෝ ක‍්‍රිස්තියානි ආගමට මහත් ලැදියාවක් දක්වති. ස්වීඩනයේ නව නාසි සංවිධානය ජනප‍්‍රියවීම ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය, ඉතාලිය, හන්ගේරියාව, ස්පාඤ්ඤය, ඕලන්දය ආදි රටවල් බොහොමයක සුද්දන් නොවන සංක‍්‍රමණිකයින්ට විරුද්ධ සංවිධානවලට ශක්තියකි. මේ හැම රටකම අන්ත දක්ෂිණාංශික සංවිධානජලෙස නව නාසි සංවිධාන බලවත් වේ.ජර්මනියේ හිට්ලර් බලයට පත් කළේ නාසිවාදය විසිනි. නෝර්වේ හා ස්වීඩන් ලෝක සාමය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන රටවල් දෙකක් ලෙස නම් දරාගෙන සිටියහ. ලංකාවේඊළාම් යුද්ධය පැවති කාලයේ කොටි හමුදාව සහ ශ‍්‍රී ලංකා ආණ්ඩුව අතර සාම දූතයා වශයෙන් නොර්වේ රටේ එරික් සෝල්හයිම් පැමිණ කළ කී දේ මේ වනවිට රටේ බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. ලංකාවේ ඇතැම් දේශපාලන නායකයින්ට ඔහු තනිකරම සාම දූතයෙකු වූයේය. සෝල්හයිම් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව දෙමළ බෙදුම්වාදීන්ට පක්ෂව කටයුතු කළ බව බොහෝ දෙනෙකු දැනගත්තේ යුද්ධය අවසන් වූ පසුවය. නොර්වේ රටේ අසල්වැසියා ස්වීඩනයයි. ස්වීඩනය සාමය ස`දහා පෙනී සිටින්නේ නොර්වේ රටටත් වඩා ලොකුවටය. ලෝක සාමය සඳහා වෙහෙසෙන ජන නායකයින්ට නොබෙල් සාම තෑග්ග පිරිනැමීම මොන තරම් හපන්කමක්ද? දලයිලාමා, අවුසන් සූ කී, හෙන්රි කි සිංගර්, බැරැක් ඔබාමා, යසර් අර්පත් පසු ගිය කාලයේ නොබෙල් සාම තෑග්ග ලැබූවන් කිහිප දෙනෙකි. මොවුන්ට තෑගි දීම පිටුපස ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවලට හිතවාදී දේශපාලනයක් ඇති බව වෙනම කතාවකි. ලෝක සාමය සඳහා ස්වීඩනයෙන් කෙරෙන තවත් වැඩ රාජකාරි රාශියකි. එයින් නඩත්තු කෙරෙන ඇන්ජී ඕ සංවිධාන තිබේ. වරක් වීසා කාලය ඉක්මවා, වැද්දන්ගේ මානව හිමිකම් සුරැකේදැයි සොයමින් සිටි ස්වීඩන් කාන්තාවක අත්අඩංගුවට පත්විය. ලංකාවේ සුළු ජාතික ප‍්‍රශ්න ගැන සොයා බලන ස්වීඩනයේ ප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තිබේ. කොටි ත‍්‍රස්තයන්ට දේශපාලන රැකවරණ සැපයූ රටවල් අතර ස්වීඩනය ප‍්‍රධානය. දැන් මතුවෙන ප‍්‍රශ්නය සාමය මතුරමින් සිටි ස්වීඩනය මුළු ලෝකයේම ඇස් ඉදිරිපිට නාසිවාදය වෙත ඇදීයෑමයි.නාසිවාදය යනු සාමයට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ දර්ශනයකි. ඩේවිඩ් ඇන්තනී
 

More News..