brand logo

ලොව ළාබාලතම ක්‍රීඩා සමාජ අයිතිකාරිය

27 July 2020

පාපන්දු කණ්ඩායමක හිමිකාරීත්වය දරන ලොව ළාබාලතම පුද්ගලයා වන්නට අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ගේ දෙහැවිරිදි දියණිය වූ ඇලෙක්සිස් ඔලිම්පියා සමත් ව තිබේ. ඒ කැලිෆෝනියා හි ‘ඒන්ජල්ස්’ ක්‍රීඩා සමාජයේය. සෙරීනාගේ සැමියා වූ ඇලෙක්සිස් ඕමන් සමගින් සම අයිතිකාරීත්වයක් හිමි ඔලිම්පියා නිසා එම පාපන්දු ක්‍රීඩා සමාජයට වසන්තය උදාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙම නව හිමිකාරීත්වය සම්බන්ධයෙන් සෙරීනා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් තම දියණියගේ ගිණුම වෙතද යොමුවක් සඳහන් කර තිබිණි. දෙහැවිරිදි ඔලිම්පියාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද අනුගාමිකයන් ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් සිටියි. අදාළ හිමිකාරිත්වයෙන් අනතුරුව ‘ඒන්ජල්ස්’ ක්‍රීඩා සමාජයේ පළමු තරගාවලිය ‘ලොස් ඇන්ජලීස්’ කාන්තා පාපන්දු තරගාවලිය වේ.
 

More News..