brand logo

ලොව හොඳින්ම දියුණු වූ පන්දු යවන්නා සුරංග

05 April 2021

සුප්‍රසිද්ධ විස්ඩන් සඟරාව මගින් ලොව වඩාත්ම හොඳින් දියුණු වූ දක්ෂතා ඇති ටෙස්ට් පන්දු යවන්නා ලෙසින් සුරංග ලක්මාල් නම් කර තිබේ. ඒ පසුගියදා නිමාවූ බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවය. සුරංග 2010 වසරේ ටෙස්ට් වරම් දිනා ගන්නා අතර අද වනවිට ඔහු වසර 11කට අධික කාලයක් ටෙස්ට් පිටියේ රැඳී සිටියි. විස්ඩන් සඟරාව පවසන අන්දමට ටෙස්ට් වේගපන්දු යවන්නෙකුගේ දක්ෂතා පවත්වා ගැනීම සීමාසහිත වන අතර ආරම්භයේදී සෙමෙන් ගමන් ඇරඹූ සුරංග අද වනවිටද දක්ෂතා අතර සිටීම විශේෂත්වයක් බවය. සුරංග නිමාවූ කොදෙව් තරගාවලියේදී ඉනිම් 4කදී පන්දුවාර 92ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන් පන්දුවාර 33ක්ම නිලකුණු පන්දුවාර වේ. එහිදී සුරංග ලකුණු 236කදී කඩුලු 11ක් බිඳ හෙළා ඇති අතර මෙම තරගාවලියේ සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 47කට කඩුලු 5ක් දැක්වේ.
 

More News..