brand logo

ලොව විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයට නව සමූහ ප්‍රධාන නිලධාරීවරයෙක් !

22 June 2020

AIA හි නව සමූහ ප්‍රධාන නිලධාරී මෙන්ම සභාපති ලෙස 2020 ජූනි මස 1 වනදා සිට ලී යුඅන් සියෝන්ග් මහතා AIA සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩ භාර ගන්නා ලදී. මීට පෙර එම තනතුර හොබවන ලද්දේ නංග් කෙන් හුයි මහතා විසින් වන අතර ඔහු සමාගමේ විධායක තනතුරෙන් විශ්‍රාම යන ලදී. AIA සමූහයට සම්බන්ධ වීමට පෙර ලී මහතා චීනයේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන පින්ග් ඇන් ඉන්ෂුවරන්ස් සමූහයෙහි (Ping An Insurance (Group) Company of China" Ltd'.) විධායක අධ්‍යක්ෂ, සම-ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ප්‍රධාන රක්ෂණ ව්‍යාපාර නිලධාරී යන සියලු තනතුරු හොබවන ලදී. පින්ග් ඇන් සමාගමට සම්බන්ධ වීමට ප්‍රථම ඔහු එක්සත් රාජධානියේ පඩේන්ෂල් පී.එල්.සී. රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇත. ඔහු, ඔහුගේ වෘත්තීය දිවිය ආරම්භ කර ඇත්තේ සිංගප්පූරු මූල්‍ය අධිකාරියේය. AIA සමූහයේ ස්වාධීන විධායක නොවන සභාපති එඩ්මන්ඩ් ට්සේ මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “යුඅන් සියෝන්ග් මහතා, ආසියානු කලාපයේ රක්ෂණ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින් ලබා ඇති අත්දැකීම් සහ නිපුණත්වය සමගින්, AIA හි මෙම ඓතිහාසික මොහොතේ කෙන් හුයි මහතාට පසු මෙම තනතුර හෙබවීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයා ඔහු බව මගේ අදහසයි. ආසියානු රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් සපිරි මෙම නායකත්වය ඔස්සේ AIA සමූහය, නුදුරු අනාගතයේ දී විශිෂ්ට ප්‍රතිලාභ අත්කරගනු ඇති බව මා කියන්නේ හදපිරි සතුටින්” ලී යුඅන් සියෝන්ග් මහතා කියා සිටියේ “ආසියානු පැසිෆික් කලාපයේ විශිෂ්ටතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වීම පිළිබඳව මට ඇත්තේ අභිමානවත් හැඟීමක්. වසර 100ක සාඩම්බර ඉතිහාසය තුළ මෙම සමාගම බොහෝ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. මම මගේ සමාගමේ සියලු දෙනා සමගින් දිගු කාලීන මෙන්ම තිරසාර වර්ධනයක් කරා AIA සමූහය තව දුරටත් රැගෙන යාමට නායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”
 

More News..