brand logo

ලොව වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි කිරුළු පලඳී

29 June 2020

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ බිහිවූ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව නම් කර තිබේ. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රික්විස් සමඟ එක්ව කටයුතු කරන මෙම සඟරාව 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනා නම් කර ඇති අතර මුරලිදරන් එම ලැයිස්තුවේ ඉහළින්ම සිටී. විස්ඩන් ක්‍රිකට් සඟරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අපි 2000 වසරේ සිට දත්ත එක්රැස් කර තිබෙනවා. “මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573 ක් ලබාගෙන තිබෙන්නේ තරග 85 කදී. ඒ 2000 ජනවාරි 1 සිට 2010 දක්වාය. මෙම කාලය තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන්. ඒ කඩුලු 584 ක්. නමුත් ඔහු තරග 151 කදී තමයි මේ කඩුලු ලබා තිබෙන්නේ (2000-2020)’’ යි පැවසුවේය.      
 

More News..