brand logo

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවයි

11 August 2020

ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 20,090,541 දක්වා ඉහළ තිබේ. මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 736,208 දක්වා ඉහළ ගොස් ඇත. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 163,461ක් වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව 5,094,394කි. ඇමෙරිකාවට පසුව වැඩි මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඒ අනුව ආසාදිතයින් 3,057,470ක් සහ මරණ 101,752ක් බ්‍රසීලයෙන් වාර්තා වේ. බ්‍රසීලයට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 2,268,675කි. ඊට අමතරව රුසියාවෙන් ආසාදිතයින් 890,799ක්, දකුණු අප්‍රිකාවෙන් ආසාදිතයින් 563,598ක්, මෙක්සිකෝවෙන් ආසාදිතයින් 485,836ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 483,133ක් ලෙස වාර්තා වේ. බ්‍රසීලයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් මෙක්සිකෝවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 53,003ක්. ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් මරණ 46,611ක් සහ ඉන්දියාවෙන් මරණ 45,257ක් වාර්තා වේ.
 

More News..