brand logo

ලොව පුරා කොරෝනා මරණ 42,000 ඉක්මවයි

01 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 42,158 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ මින් වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වන අතර, එරට මරණ සංඛ්‍යාව 12,428 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ස්පාඤ්ඤයෙන් මරණ 8,464ක්, ඇමෙරිකාවෙන් මරණ 3,890ක්, ප්‍රංශයෙන් මරණ 3,523ක්, චීනයෙන් මරණ 3,305ක් සහ ඉරානයෙන් මරණ 2,898ක් වාර්තා වේ. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 188,578 දක්වා ඉහළ ගොස් තිබේ. ඉතාලියෙන් ආසාදිතයින් 105,792ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 95,923ක්, චීනයෙන් ආසාදිතයින් 81,518ක්, ජර්මනියෙන් ආසාදිතයින් 71,808ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 52,128ක් සහ ඉරානයෙන් ආසාදිතයින් 44,605ක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේය.
 

More News..