brand logo

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්නවෙයි

29 May 2020

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 60කට ආසන්නයට පැමිණ තිබේ. මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,911,507ක්. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 362,127ක්. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 103,330කි. එමෙන්ම ආසාදිතයින් 1,768,461ක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 438,812ක්. රුසියාවෙන් ආසාදිතයින් 379,051ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 284,986ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 269,127ක්, ඉතාලියෙන් ආසාදිතයින් 231,732ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 186,238ක්, ජර්මනියෙන් ආසාදිතයින් 182,452ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 165,829ක්, තුර්කියෙන් ආසාදිතයින් 160,979ක්, ඉරානයෙන් ආසාදිතයින් 143,849ක් සහ පේරු රාජ්‍ය‌යෙන් ආසාදිතයින් 141,779ක් වාර්තා වේ. ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 37,837ක්. ඊට අමතරව ඉතාලියෙන් මරණ 33,142ක්, ප්‍රංශයෙන් මරණ 28,662ක්, ස්පාඤ්ඤයෙන් මරණ 27,119ක් සහ බ්‍රසීලයෙන් මරණ 26,764ක් ලෙස වාර්තා වේ.
 

More News..