brand logo

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදයි

12 August 2019

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳව පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කලේ ජාතිය හා පුද්ගල තාරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මගින් ලැබනුයේ අන් සියලු ආගමිකයින් සමග ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයකැයි තමා සිතන බවය.
 

More News..