brand logo

ලොරිය අඩි 50ක් යටට - රියදුරා රෝහලට

02 January 2019

අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් පිටත‍ට පැන අඩි 50 ක් ප්‍රපාතයකට පෙරලෙයි, රියදුරු රෝහල්ගත කෙරේ. මහනුවර සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. ඊයේ (01) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදිය. කුකුල් මස් වෙළදසැල්වලට බෙදා හරින ලොරි රථයකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ. අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ වේගය රියදුරාට පාලනය කර ගත නොහැකිව ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ. ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ සහයකයාද ලොරි රථයේ ගමන් කර ඇති අතර අනතුරෙන් ඔහුට තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය පවසන්නේ. අනතුරෙන් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වි තිබේ. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..