brand logo

ලොරියකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

27 December 2018

බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදි කරු ලොරි රථයට යට වී අනතුරක් සිදු වී ඇත ලොරි රථයට යට වූ පුද්ගලයා බදුල්ල මහරෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මරණකරු වයස වුරුදු 59ක් වූ කැටවත්ත, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් පොලිසිය විසන් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..