brand logo

ලොතරැයි මණ්ඩලයට රු. ලක්ෂ 87ක මාසික කුලියට මංගල ගත්ත බිල්ඩිම ගැන පරීක්ෂණ

07 January 2020

රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී මෙම ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ මාසික කුලිය රුපියල් ලක්ෂ අසූහතකටය. නව රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක් වැඩි බව සේවකයන් ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරාට දැනුම් දී තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර තිබිණි. එම මුදල් යළි මහා භාණ්ඩාගාරයට යොමු කර මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබේ. මෙම කුලී ගොඩනැගිල්ලට අදාළ මාසික කුලිය ගෙවන චෙක්පත පසුගිය දා නව සභාපතිවරයාට යොමු කළත් ඔහු එය අත්සන් කිරීම ප්රතික්ෂේප කර ඇත. උදයජීව ඒකනායක
 

More News..