ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී
04 November 2019
ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී
04 November 2019
එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්භක සුපිරි ජයමල්ල වන කෝටි 7.5 ක ජයමල්ලක් සහිත කෝටිපති කප්රුක ලොතරැයියේ 513 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.14 50 29 213ක අති දැවැන්ත ජයමල්ල දිනා ගැනීමට පසුගිය 2019.10.27 වන ඉරිදා දින රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් සමත්ව ඇත.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති මහත්මියයි.
2016 වසරේදී වෙළඳපොළට නිකුත් කරන ලද කෝටිපති ශනිදා ලොතරැයිය කෝටිපති කප්රුක නමින් වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම පසුගිය අගෝස්තු මස සිදුවූ අතර වසර තුනක් වැනි ඉතාමත් කෙටි කාලයකදී මෙවන් සුපිරි ජයමල්ලකට හිමිකරුවෙක් බිහි කිරීම ඉතාමත් සතුටුදායක කරුණකි.
ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී