brand logo

ලොකු වැඩවලට අපි ළඟ හොඳ නීතිඥයන් නැහැ - ලංවිම සභාපති

24 June 2020

ලංකා විදුලිබල මණ්ඩලය නීති අංශයේ නීතිඥයන් සිටිය ද මහා පරිමාණ විදුලි ව්‍යාපෘති සඳහා ගිවිසුම් ගත වීමේදී ගිවිසුම් සකස් කිරීමට හැකියාවක් ඇති නීතිඥයන් එම මණ්ඩලය සතුව නැතැයි එහි සභාපති විජිත හේරත් පවසයි. නොරොච්චෝලේ ඉදිකිරීමට නියමිත සිවුවන තාප බලාගාරයට අදාළ ගිවිසුම් ගතවීම් සඳහා මණ්ඩලය විසින් රුපියල් කෝටි දෙකක් ලබාදී පිටතින් නීතිඥයකු ලබාගැනීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම් හමුවේ සභාපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (23 වැනිදා) ලංවිම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. මහා පරිමාණ ගිවිසුම් සඳහා අත්සන් තැබීමට නීති විශාරදයකු අවශ්‍ය බවත් විශාල මාසික වේතනයක් ලබාදෙමින් එවැන්නකු විදුලිබල මණ්ඩලයේ තබාගැනීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පැවැසීය. මෙම සිව්වන තාප බලාගාරය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන්නද පරිසර වාර්තා ලබාගැනීම ඇතුළුව මුදල් ඇස්තමේන්තුවක්ද කර නොමැති බැවින් තාප බලාගාරය ඉදිකිරීම සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනි මානවඩු
 

More News..