brand logo

ලොකුම ග්‍රාම සේවා වසම මට්ටක්කුලියේ - ජනගහනය 45,000ක්

11 May 2019

කොළඹ නගරය ආශ්‍රිතව සිදුවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇතැම් ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ට සිය වසම්වල පදිංචිව සිටින අය පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමේ දැඩි ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාමසේවා වසම්වල පවුල් 5000 - 6000 අතර ප්‍රමාණයක් සිටිති. ඒ අනුව වැඩිම පවුල් ප්‍රමාණයක් මට්ටක්කුලිය ග්‍රාම සේවා වසමේ සිටින අතර එම ප්‍රමාණය 6250කි. එහි ඡන්දදායකයින් 18000ක් සිටින අතර මුළු ජනගහනය 45,000 ඉක්මවන බව කොළඹ ප්‍රාදේශීය ලේකම් ඩී.පී. වික්‍රමසිංහ පැවසීය. ඊළඟට වැඩිම ජනගහනයත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝදර ග්‍රාමසේවා වසමේ ජීවත් වන බවද ඒ මහතා සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..