brand logo

ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන මෙහෙයුම්

12 November 2020

හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. අද (12) සවස සිට එම කාර්ය ආරම්භ වන අතර නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිසට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. "ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන දත්ත අනුව කටයුතු කිරීමට විශේෂ මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සුදානම් කර කරලා තිබෙනවා. එම දත්තයන් ලැබුණ විගසම අදාළ ස්ථානවලට ගොස් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව තම නිවෙස තුළම රැඳී සිටින්න ඕනේ කිසිදු ආකාරයක සංචරණයක් වෙන්න බෑ." යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..