brand logo

ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නෑ - අගමැති මහින්ද

16 July 2020

රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොරෝනා මැඩලීමේ රජයේ යාන්ත්‍රණයට සම්බන්ධ පාර්ශව ද කැඳවා තිබුණි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. එම පිරිස ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලූ‍ දෙනා මේ වනවිට නිරෝධාන කටයුතු සඳහා යොමු කර ඇති බව ඔහු සදහන් කළේය. මේ අතර මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය අද දිනය තුළ ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුළ එය ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවයි.
 

More News..