brand logo

ලොක්කන්ගේ තොරතුරු එළි කරනවා කිව්ව නිසා පුතා මැරුවා

21 October 2020

අම්මයි මල්ලියි මැරුවා වෙග්ම මේ දරුවා මැරුවේත් ආණ්ඩුව.

මාව හිරේ දැම්මත්  කමක් නෑ මහතතයා ඕක එලි කරන්න.

එල් ටී ටී ඊ එක පුනුරුත්තාපනේ කරන්න හොඳ නම් අපේ සිංහල ළමයි පුනුරුත්තාපනේ කරන්න බැරි ඇයි?

හරක් මරන්න එපා කියන රටේ මිනිස්සු මරණ එක සාධාරණද මහත්තයෝ?

මධුෂ්ගේ පුංචි අම්මා කරන ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

මදුෂ් පුතා පොඩි කාලේ ඉදලාම හැම තැනින්ම අසාධාරණයට ලක් වුණා. කවුරුවත් ඒ් ගැන කතා කළේ නෑ, මාධ්‍ය වලිනුත් කෙරුවේ කරපු දේවල්වලට වඩා දේවල් මවලා එළියට කියපු එක. ඩුබායි ඉදලා 2019 මැයි 5 ලංකාවට ගෙනාව දවසේ ඉදලා හැම සෙනසුරාදාම මම ඒයාව බලන්න CID එකට  ගියා. ඒ් ගිය හැම දවසේම මට දන ගහලා වැදලා මගේ  මූන  ඉඹලා තමයි මට එන්න දුන්නේ. ඒ් තරම් වටිනා දරුවෙක් මේ දරුවා. ඒ් ගියපු දවසක එයා මට කිව්වා සීතා අම්මේ මම මේකෙන් එලියට යන්නේ උරුලෑවක් වගේ ගද ගහන විදිහට නෙවෙයි මම ඇතුළට ආව විදිහටම එලියට යනවා කියලා. ඒ්ක දරුවා ඉශ්ඨ කළා. මේ දරුවටට 89 හමුදා වෙඩි පහරින් අමමා නැති වුණා. 2009 මල්ලි මැරුවා ඒ්ත් රජයෙන් තමයි මැරුවේ කියලා අපි හරියටම දන්නවා.  දැන් මේ දරුවාටත් ඒ්ක තමයි කළේ. මම අද හිර ගෙදරට අරන් ගියත් කමක නෑ මම මේක කියන්න ඕන. මෙ දරුවා සෑහෙන රජෙක් වගේ හොද මොලයක් තියෙන දරුවෙක්. ඔය දරුවගෙන් ඉදිරියට හොද විස්තර ඒලියට ඒන නිසා තමයි ඔහොම දෙයක් සිද්ද වුනේ කියලා මට  සැකයි. ලොකු ලොකු කට්ටිය කරපු දේවල් මේ දරුවා එළි කරනවා. කුඩු නැති කරනවා. පාතාලේ නැති කරනවා කියලා මට කිව්වා. ඉදිරියේදී එළි කරන්න ඕන දෙවල් එලි කරනවා.  මං කරපු වැරදි විතරක් මම බාර ගන්නාවා. අනිත් අය කරපු මගේ නමට දාපු හැම නඩුවක්ම මට බාරගන්න බෑ සීතා අම්මේ කියලා කිව්වා. අවුරුදු එකහාමාරක් සීඅයිඩි රැකවල් මැද හිටපු දරුවා කුඩු තියෙන තැනක් ගැන ඔත්තු දෙන්නේ කොහෙමද ? මම ඔය දරුවා මැරුනට කියනවා නෙවෙයි.ඔය දරුවාගේ අතේ ලේ ඩිංගක් ගෑවිලා නෑ. කුඩු ඩිංගක් ගෑවිලා නෑ. අදත් කතාවට යනවා ඔතැනට අරගෙන ගිහිල්ලා දන ගහපන්, එතකොට එපා එපා කියලා සද්දේ ඇහුනා  කියලා ළමයෙක් ෆේස් බුක් ඒකේ දාලා තියෙනවා. ඉතිං මටත් සැක සහිතයි ඒ් විදිහට තමයි වෙන්න ඇත්තේ කියලා. නිරපරාදේ තමයි දරුව නම් මරලා දැම්මේ. අර වැලිකඩ බන්ධනාගාරේ ඉස්සරහා ගහලා තියෙනවා සෑම සිර කරුවෙක්ම මනුෂ්‍යයො කියලා ඒ් වගේ හිතලා දැන් මේ ඉන්න අනිත් දරුවන්ටත් මේ දරුවාට වුනා වගේ කරන්නේ නැතුව පුනුරුත්තාපනය කරලා සමාජෙට දාන්න කියලා ඉල්ලනවා.  අර යාපනේ ඒල්ටීටී ඊයත් පුනුරුත්තාපනේ කාළා නම් අපේ සිංහල දරුවන්ටත් ඒ්ක දෙන් බැරි ඇයි.  මම කියන්නේ අපිට වුනේ අසාධාරණයක්. මහත්තුරුන්ගෙන් මම ඉල්ලන්නේ හරි ඇත්ත එලි කරන්න. අපි කියනවාට වැඩියෙන් මාධ්‍යයේ බොරු යනවා. අන්නඒ ගැන අපිට දුකයි. මම අද හිර ගදර අරන් ගියත් කමක් නෑ. මහත්තයෝ ඔය ටික එලි කරන්න.  හරක් මරන්න ඒපා කියලා තීන්දුවක් දෙනවා මනුස්සයෝ මරන ඒක සාධාරණද මහත්තයෝ? https://youtu.be/RS_iQS1kOUo
 

More News..