brand logo

ලේ බැංකුව ලේ ඉල්ලයි

04 May 2021

රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ. කොවිඩ් වසංගතය ව්‍යාප්තිය වේගවත්වීම සමඟ කොවිඩ් පැතිරීම වැඩි ප්‍රදේශවල ජන එක් රැස් වීම් අපහසු නිසා ජංගම රුධිර පරිත්‍යාග කඳවුරු අවලංගු වී යන තත්ත්වයක් උද්ගතවී ඇත. එහෙයින් රුධිර මධ්‍යස්ථාන සහ ලේ බැංකු තුළට පැමිණ රුධිරය ලබාදෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. පරිත්‍යාගශීලීන්ට යා හැකි ස්ථාන හෝ වේලාවන් 0115332153-54,0112369931-34 හෝ 0713124436 යන දුරකථන අංකවලින් දැන ගත හැක. http://nbts.health වෙබ් අඩවිය ඔස්සේ වේලවක් වෙන් කරගත හැක. May be an image of text
 

More News..