brand logo

ලේ දන්දී ශ්‍රී ලංකා ධජය ඉහළට නැංවීමට කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමත් වෙති

15 June 2021

ලෝක ලේ දන්දීමේ දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව ජුනි 14 වන දින ජාත්‍යන්තරව සමරනු ලැබේ.

මෙම දිනයට සමගාමීව කුවේට් මධ්‍යම ලේ බැංකුව සෑම වසරකම වැඩිපුර ලේ පරිත්‍යාග කරන ප්‍රජාවන්, සංවිධාන සහ පුද්ගලයින් අගය කොට ගෞරව දක්වනු ලබයි. 2020-2021 වසර තුළ කුවේට් මධ්‍යම ලේ බැංකුව වෙත වැඩිපුර ලේ පරිත්‍යාග කළ ප්‍රජාවන් අතර ශ්‍රී ලාංකික සංවිධානයන් වන කුවෙට් ඉක්රා ඉස්ලාම් සංගමය Iqra Islamic Committee ( IIC Kuwait ) සහ සෙයිලනිස් හෙල්පින් හැන්ඩ් (Saylaneese Helping Hand Kuwait (SHHK ) යන කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංගම් නම් කිරීම මධ්‍යම ලේ බැංකුව විසින් සිදු කර ඇති අතර ලේ පරිත්‍යාග කිරීමෙන් විදේශ රටකදී ශ්‍රී ලාංකිකයින්ව අගය කොට ගෞරව කළ පළමු අවස්ථාව මෙයවන බව සංවිධායකයන් ‘අරුණ’ වෙත (15 වැනිදා) පැවසිය. ලේ දන් දීමේ පුණ්‍ය කර්මයට දායක වූ කුවේට් හි වෙසෙන සියලු ශ්‍රී ලාංකික අය වෙත ස්තුතිය පුද කරන බව ඉක්රා සංගමය පවසයි. එම සංගමය තවදුරටත් පැවසුවේ, කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී ද මෙවැනි වැඩ කටයුතුවලට සහභාගී වන ලෙසයි.
 

More News..