brand logo

ලේඛන නැති අයට රජයේ ඉඩම් දෙන ගැසට්ටුව අ​හෝසියි

24 September 2020

කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයන්ට නිත්‍යනුකූල ලේඛන ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත. මෙම ගැසට් නිවේදනය අවිධිමත් බවත් එමගින් අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම් වැඩි වී තිබෙන බව දිනපතා ‘අරුණ’ පුවත්පත අනාවරණය කළ පසුගිය 16 වැනිදාය. ‘රජයේ ඉඩම්වලට ලේඛන දෙන ගැසට්ටුවේ අවුලක්’ යන සිරස්තලය යටතේ එම ප්‍රවෘත්තියේ පළ විය. පරිසරවේදීන්ද දිගින් දිගටම මෙම ගැසට් නිවේදනයට විරෝධතා පළකළ අතර, ඒ සම්බන්ධයෙන් විමසීමේදී රජයේ වගකිවයුතු දේශපාලකයෝ නිහඬ වූහ. කෙසේ නමුත් ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් පෙරේදා (22 වැනිදා) නිකුත් කරන ලද අංක 2194/28 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ ‘අංක 2192/36 හා සැප්තැම්බර් 10 දිනැතිව පළකරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවයි. සාලිය කුමාර ගුණසේකර චාමර පල්ලේගෙදර
 

More News..