brand logo

ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයන්ට නව රෙගුලාසි

30 July 2020

කොවිඩ් - 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ශ්‍රේෂ්ඨාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. පසුගිය 13වනදායින් පසු ලෙබනනයට පැමිණෙන මගීන්ට PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ලෙබනන් බලධාරීන් විසින් නම් කරන ලද හෝටලයක නැවති සිටිය යුතු වේ. PCR පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය 24 ක් හෝටලයක රැදී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු අතර PCR පරීක්ෂණය ධනාත්මක නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඒ සඳහා ද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදු කළ යුතු බවත් ද වැඩිදුරටත් දන්වා සිටියි.
 

More News..