brand logo

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක්

04 August 2020

ලෙබනනයේ, බීරූට් අගනුවර වරාය පරිශ්‍රයේදී අද (04) දැවැන්ත බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. මෙම දැවැන්ත බෝම්බ පිපිරිමෙන් පුද්ගලයන් ගණනාවක් මියගොස් තවත් පුද්ගලයින් ගණනාවක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පිපිරීමත් සමග මුළු නගරය දුම් වළාවකින් වැසී ගිය අතර, ගොඩනැගිලි ගණනාවක් සෙලවීමට ලක්ව කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිදී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු පිපිරුමට පසු දෙවැනි පිපිරීමක් සිදුවූ බවද බීරුට් නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි. පිපිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක රැසක විදුලිය ද ඇණහිට ඇත.
 

More News..