brand logo

ලෙබනනයේ පිපිරීමෙන් ලාංකිකයන් දෙදෙනෙකුට තුවාලයි

05 August 2020

ලෙබනනයේ බේරුට් නගරයේ ඊයේ (04) සිදුවූ පිපිරීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති බව තහවුරු කර ගෙන ඇති අතර බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ. ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති අතර ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී. දුරකථන අංකය - +961 5769585 විද්‍යුත් තැපැල් ලිපිනය - slemb.beirut@mfa.gov.lk
 

More News..