brand logo

ලෙබනනයේ දින 3ක ශෝක කාලයක්

05 August 2020

ලෙබනනයේ ඊයේ (04) සිදුවූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 4,000කට අධිකය. අපරික්ෂාකාරී ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් පිපිරීමට හේතුවෙන් මෙය සිදු වූ බව ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසයි.එම පුපුරණ ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇත. මේ අතර එම පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බවත් ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පවසයි. ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි. එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය. ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ. සහන සේවකයින් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කරන අතර මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
 

More News..