brand logo

ලුනාව නාගරික මහල් නිවාසයේ වැඩ කඩිනමින් නිම කරනමෙන් නිවාස ඇමතිගෙන් උපදෙස්

21 November 2018

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බලා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි. නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ නිසි පරිදී ක්‍රියාත්මක නොවූ බවත්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 2015 වසරේ අග භාගයේදී පමණ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණු මෙම මහල් නිවාස සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය ආණ්ඩුව කාලය තුළ දැඩි ලෙස ප්‍රමාද වූ බවද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.  
 

More News..