brand logo

ලීසිං අක්‍රමිකතා පැමිණිලි ලබා ගැනීම අදින් අවසන්

30 June 2020

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීම අද(30) දිනයෙන් අවසන් වේ. එම අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ල කමිටුවක් පත් කළ අතර එම කමිටුව පසුගිය 23 වනදා සිට අදාළ අදහස්, යෝජනා හා පැමිණිලි බාර ගැනීම සිදු කළේය. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීති ලේකම් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා කටයුතු කරයි. මේ වනවිට එම කමිටුවට පැමිණිලි 60 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. පොලී අනුපාත අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ලෙස ලීසිං සහ මූල්‍ය සමාගම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ. අදාළ කමිටුව විසින් සකස් කළ වාර්තාව හෙට (01) දිනයේ මහ බැංකු අධිපතිවරයාට බාර දීමට නියමිතව තිබේ.
 

More News..