brand logo

ලිදුල නගර සභාවේ උප සභාපතිට එරෙහිව සභාපති පොලිසි යයි

26 September 2018

ලිදුල නගර සභාවේ උප සභාපතිවරයා තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ  සම්බන්ධිකරණ නිලධාරියෙකුට පහර දුන්නේයැයි එහි සභාපති වන අශෝක සේපාල අද (26වැනිදා) ලිදුල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. තම පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියකු වන එස්.ලෙච්චුමන් ඊයේ (25) දින සේවය නිම වී ආපසු යන විට ලිදුල නගරයේ රැදි සිටි උප සභාපති වරයා ඔහුට පහර දී ඇති බව සභාපතිවරයා කළ පැමිණිල්ලේ දැක්වෙයි. උප සභාපති වන එල්.භාරතිදාසන් තම නගර සභාවේ බලය ලංකා කම්කරු කොන්ග්‍රසයට ලබා ගැනිමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවද අශෝක සේපාල පවසන අතර  මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ලිදුල නගර සභාවේ උප සභාපති එල්.භාරතිදාසන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ කිසිවෙකුට තමන්  පහර නුදුන් බවයි. තමන්ට එරෙහිව පදනම් විරහිත පැමිණිලි කරමින් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා  තමන් නීතියේ රැහැනට කොටු කිරිමට උත්සහායක නිරත වන බවද එල්.භාරතිදාසන් කියා සිටියි.  
 

More News..