brand logo

ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් නිවේදනයක්

30 March 2020

ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට රට තුළ පවතින තත්ත්වය හමුවේ වුවද අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර තිබේ. කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිටි මධ්‍යහන 12.00 දක්වා ඖෂධ නිකුත්කිරීම හා සේවා ලබාදීම සිදු කරන බව ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහ පවසයි. තමන්ට නියමිත සායනය වෙත පැමිණීමට අපහසු පුද්ගලයින්ට තමාට ළඟම සායනයට පැමිණීමට හැකි බවද ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටි ආරච්චි මහත්මිය පවසයි.
 

More News..