brand logo

ලැප් ටොප් දෙන මුවාවෙන් තොරතුරු රැස් කිරිමේ ජාවාරමක්

17 May 2020

නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇති බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ පවසයි.
 http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන බව ඔහු පවසයි.
 සභාපතිවරයා අවධාරණය කරන්නේ  විශේෂයෙන්ම “Goverment Providing Free Laptop For Youth” නමින් මෙය සමාජ මාධ්‍ය යෙදුම් තුල හුවමාරුවීම නිසා බොහෝ පුද්ගලයන් ප්‍රමාණයකගේ පෞද්ගලික දත්ත මෙය මෙහෙයවන කණ්ඩායම සතුවිය හැකි බවය.
 මෙලෙස විවිධ දෑ නොමිලේ ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
අශිකා ජයවීර
 

More News..