brand logo

ලැප්ටොප් මාරයා සෙනෙත් පුතා අරන් යයි

17 November 2022

උකුළ මත පුපුරා ගිය තාක්ෂණය

බටපොල කොබෙයිතුඩුව  ප්‍රදේශයේ දී ලැප්ටොප් පරිඝණකයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවකු මියගොස් ඇත. කොබෙයිතුඩුව බෙන්වල  පාර ඉදිකැටිය පදිංචිව සිටි  ඩබ්.ඒ.සෙනෙත් ඉදුරුව නැමැති සිසුවා මෙසේ මියගොස් ඇත්තේ පරිගණක උකුලේ තබාගෙන තබා ගෙන ක්‍රියා කරන අවස්ථාවේ දී ය. එම අවස්ථාවේ පරිඝණකය විදුලියටද සම්බන්ධකොට තිබී ඇත. සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුලත්  කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ඔහු  අම්බලන්ගොඩ ගාමිණී විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි. අනුරාධ ප්‍රියදර්ශන - අම්බලන්ගොඩ
 

More News..