brand logo

ලාදුරු යළි හිස ඔසවයි

15 August 2022

වසරේ මේ දක්වා රෝගීන් 387ක් හඳුනාගැනේ

වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 387 කු සොයා ගෙන තිබේ. කොරෝනා ව්‍යවසනයෙන් පසුව ගෙවුණු වසර තුන ඇතුළත පමණ සොයා ගත නොහැකිවූ රෝගීන් පන්දහසක් පමණ සමාජගතව ඇති බවට සැක කරන බව ජාතික ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රාසාද් රණවීර ඊයේ ( 14දා) අරුණ ට පැවැසීය. ලාදුරු රෝගීන් හඳුනා ගැනීම සියයට 50ත් 75ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙන බවත් කොරෝනා වසංගතය ඊට බලපෑ බවත් ඔහු පැවැසීය. මෙම වසර තුළ හඳුනා ගත් රෝගීන්ගෙන් සියයට 10ත් 12ක් පමණ වයස අවුරුදු 14 ට අඩු කුඩා ළමයින් බවත් ඔවුන් අතර රෝගය පැතිරයාමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද පැවැසීය. සුනිල් රූපසිංහ- පල්ලේපොල
 

More News..