brand logo

ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයේ දොර ඇරේ

03 July 2020

2020 ජුලි 06 වැනිදා සිට එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ වීසා අයැදුම්පත් ක්‍රියාවලිය නැවත ආරම්භ කරන බව වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගම (රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් සම්බන්ධීකරණය කරන ප්‍රමුඛ වීසා පහසුකම් සැලසීමේ ආයතනයකි) නිවේදනය කරයි. ඒ අනුව එදින පටන් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියට වීසා අයැදුම්පත් කොළඹ පිහිටි අයැදුම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැකිය. මීට අමතරව ජුලි 06 වැනිදා සිට ඉන්දියාවේ තෝරාගත් නගර 11කද වීසා බලපත්‍ර අයැදුම්පත් මධ්‍යස්ථාන සේවා ආරම්භ කරන බව වී.එෆ්.එස්. ග්ලෝබල් ආයතනය ප්‍රකාශ කරයි. එම ආයතනය පවසන්නේ වීසා අයැදුම්පත්‍රයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමෙන් අනතුරුව අයැදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා සිය කාර්යාලය විසින් අයැදුම්කරුවන් අමතනු ඇති බවයි. මීට පෙර හමුවීම් වෙන්කරවා ගත් අයැදුම්කරුවන්ට නව වේලාවන් වෙන්කරවා ගත හැකි බවද එම ආයතනය ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ
 

More News..