brand logo

ලහිරුගේ අඩුව පුරවන්න චාමික ශ්‍රී ලංකා කණ්ඩායමට

28 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කැදවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ළහිරු කුමාර සහ දුෂ්‍යමන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් චාමික කරුණාරත්න කණ්ඩායමට කැදවූ බවයි. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ කලව පිටුපස මස්පිඬු ආබාධයකට ලක්ව සිටි ළහිරු කුමාරට සති 05-06ත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බවයි එම ආයතනය සදහන් කරන්නේ. මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරට ලබන මස පළමු වැනිදා කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමිව ඇතැයි වාර්තා වනවා.
 

More News..