brand logo

ලසිත් ඇඹුල්දෙණිය සති 6ක කාලයක් ක්‍රිකට් වලින් ඈත්වෙයි

22 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනයේදීම උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණියගේ ඇගිල්ල ආබාධයට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට දෙවන ටෙස්ට් තරගය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දී තිබෙනවා. වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතයි. ඒ් අනුව ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටිමට සිදුව ඇති බවට ආරංචි සදහන් කරනවා.
 

More News..