brand logo

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිද්ධි 06ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

18 August 2019

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වනදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියට ප්‍රතිචාර ලෙසයි. නීතිපතිවරයා විසින් විමසා ඇති අදාළ සිද්ධී අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය, මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධින් වේ. එම සිද්ධි පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස නීතිපතිවරයා අදාළ ලිපියෙන් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. එම සිද්ධීන් පිලිබඳ විමර්ශන සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම විමර්ශන 6ට අදාළව කරුණු 11 ක් සම්බන්ධයෙන්, එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ලිපි ගොනු සකස් කර ලබන 23 වනදා හෝ ඊට පෙර ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරායා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
 

More News..