brand logo

ලසන්ත, තාජුඩීන් ඇතුළු ඝාතන සහ පැහැරගැනීම් සිද්ධි පහක නඩු ගොනු සම්පූර්ණයි

16 August 2019

මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, මානුෂීය ආධාර කණ්ඩායමක සාමාජිකයන් 17 දෙනකු ඝාතනය කිරීම, රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සහ තරුණයන් එකළොස්දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම යන නඩුවලට අයත් ලිපිගොනු අසම්පූර්ණ බැවින් සැකකරුවන්ට නීතිමය ක්රියාමාර්ග ගැනීමට සම්පූර්ණ ලිපිගොනු කඩිනමින් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ලිවේරා, වැඩ බලන පොලිස්පති චන්දන වික්රමරත්න වෙත ඊයේ (15දා) පස්වරුවේ දැනුම් දී තිබේ. අසම්පූර්ණ ලිපි ගොනු ඉදිරිපත් කිරීම මගින් නඩු විභාග කිරීම ප්රමාද වී ඇති බව පෙන්වා දෙන නීතිපතිවරයා අපරාධ නඩු විධාන 393 (6) වගන්තිය අනුව සම්පූර්ණ ලිපි ගොනු සකස් කරන ලෙස සියලුම පොලිස් කොට්ඨාසවලට දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. මේ පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන සහ විමර්ශන සිදුකරන විශේෂ පොලිස් ඒකක වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව උපදෙස් ලබා ගැනීම සඳහා අසම්පූර්ණ වාර්තා ඇතුළත් ගොනු ඉදිරිපත් කිරීම නිසා උපදෙස් ලබාදීමේදී ප්රමාදයන් හටගෙන තිබෙන බව එම ලිපියෙන් පෙන්වා දී ඇති නීතිපතිවරයා මේ හේතුවෙන් නඩු කටයුතු අනවශ්ය ලෙස ගොඩ ගැසීමක් සිදු වන බවද පෙන්වා දී තිබේ. එහෙයින් අපරාධ විමර්ශනවලට අදාළව උපදෙස් ලබාගැනීම සඳහා ගොනු ඉදිරිපත් කිරීමේදී සම්පූර්ණ කරන ලද ගොනු පමණක් ඉදිරිපත් කරන ලෙසත් එසේ නොවන අසම්පූර්ණ ගොනු ආපසු හරවා යැවීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයාට සිය ලිපියෙන් අවධාරණය කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පවසයි. උදයජීව ඒකනායක
 

More News..