brand logo

ලයිට් බිල් ගෙවාගන්න බැරිව - අරලියගහ මන්දිරය කුලියට

30 August 2018

විදුලි බිල් ඇතුළු අනෙකුත් වියදම් පියවාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය නිල නිවස ‘අරලියගහ මන්දිරය’ විවාහ මංගල්‍ය උත්සව සහ වෙනත් උත්සව ආදියට කුලියට දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර ඇත. ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ඓතිහාසික පළමු විවාහ මංගල උත්සවය වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍යය අද (30)දින පැවැත්වේ. අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා‍ වෙත කෙරෙන ලිඛිත ඉල්ලීමක් මගින් උත්සව සඳහා ‘අරලියගහ මන්දිරය’ වෙන් කර ගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසීය. ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයක් ස‘දහා කුලිය පළමු පැය 4 ට රුපියල් 450,000 (හාරලක්ෂ පනස් දහස)කි. වැඩි වන සෑම පැයකට ම රුපියල් 80,000 (අසූ දහස) ක් බැගින් අය කෙරේ.  
 

More News..