brand logo

ලබුදූව වී පර්යේෂණ ආයතනය ඉඩමක් ඉල්ලයි

06 February 2020

ගොවි ජනතාවට උසස් බිත්තර වි ලබාදීම උදෙසා ගාල්ල ලබුදූව වි පර්යේෂණ ආයතනය මගින් මේ දක්වා උසස් ගණයේ වී ප්‍රභේද අටක් හදුන්වා දී ඇති බව එම ආයතනය පවසයි. එසේ වුවද තම පර්යේෂණ ආයතනය සඳහා පර්යේෂණ කටයුතු කිරීමට සිදුවී ඇත්තේ අක්කර පහක ප්‍රමාණයකින් යුතු භූමියක බව මේ පිළිබඳව අදහස් දැක්වූ මෙම ආයතනයේ හිටපු ස්ථාන බාර පර්යේෂණ නිලධාරි ජි.ඒ. ජිනදාස මහතා අරුණ ට ප්‍රකාශ කළේය. නව වී ප්‍රභේද හදුන්වා දිම තුලින් තෙත් කලාපයේ කුඹුරු වල වී වගාවේ ඉහළ වර්ධනයක් සිදු වනු ඇති බවට ඔවුන් උපකල්පනය කර තිබේ. එසේ වුවද පර්යේෂණ ආයතනයේ කටයුතු තව දුරටත් වර්ධනය කිරීම සඳහා ආයතනය අවට කුඹුරු ඉඩම් ප්‍රමාණයක් දිගුකාලීන බදු පදනම යටතේ ලබාගතයුතු බව වී පර්යේෂණ ආයතනය පවසයි.   සරත් කුමාර ලොකුගේ
 

More News..