brand logo

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසු ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ

21 August 2018

  ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර  ඊයේ (20) පස්වරුවේ ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු  ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වී තිබේ. ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ  තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු  අංශවල සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය කියයි. තුවාල ලැබ රෝහල් ගත කරනු ලැබ ඇත්තේ  ඉංජිනේරු අංශයේ සිසුන් දෙදෙනකු වන අතර  තොරතුරු තාක්ෂණ සිසුන් දෙදෙනෙකුද සුළු තුවාල ලබා ඇතැයි පැවසේ. තොරතුරු තාක්ෂණ පීඨයේ  සිසුවියක තල්ලුකර දැමුයේ යයි කියන සිද්ධියක් පාදක කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බව  පොලිසිය වැඩිදුරටත් පවසයි.
 

More News..