brand logo

බස්නාහිරට ඇඳිරි නීතිය දිගටම

01 November 2020

බස්නාහිර පළාතට දැනෙට බලපැවැත්වෙන ඇදිර් නීතිය එලබෙන නොවැම්බර් 9 වැනි දා උදැසන 5 දක්වා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. හෙතෙම මේ බව සදහාන් කළේ අද(01) සවස 4 ට මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්. බස්නාහිරට පැනවූ ඇදිරි නීතිය හෙට( 2) ඉවත් කරන බව කලින් ප්‍රකාශ කර තිබුණත් දැනට කොවිඩ් වෛරසය බස්නාහිර පළාත තුළ වේගයෙන් පැතිර යන නිසාත් මෙය අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වලක්වාගැනීම සඳහාත් මෙසේ ඇදිරි නීතිය දිර්ඝ කිරීමට තීරණය කළ බව හමුදාපතිවරයා වැඩි දුරටත් පැවැසුවා. බස්නාහිර පළාතට අමතරව වසංගතය දැඩි ලෙස ව්‍යාපත් වී ඇති ඇහැලියගොඩ, කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශ දෙකටත් කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයටත් පනවා ඇති ඇදිරිනීතිය ද නොවැබ්බර් 9 වැනිදා උදැසන 5 දක්වා දක්වා දීර්ඝ කරන බවද හෙතෙම පැවැසුවා. ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ කොරෝනා දෙවැනි රැල්ල ක්‍රියාත්මක වූ කාලයේදී මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙතම ගෙනවිත් දීමේ ක්‍රම වේදය රජය මගින් මෙවරද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවැසූ හෙතම අඩු ආදායම් ලාභී පවුල්වලට රු 5000 දීමනාව ලබා දිමටද කටයුතු කරන බවද නිවෙස්තුළ නිරෝධායන වන පුද්ගලයින්ට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයද නිවෙස් වලටම ලැබීමට සැලැස්වීමට කටයුතු යොදා ඇති බවද පවසනවා. ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල සිටින පුද්ගලයින් හැකි තාක් සංචරනය සීමා කර තමන්ගේ දිස්ත්‍රික්කවලින් පිටතටත නොගොස් ඒ ඒ ප්‍රදේශ තුළටම වී සිටින ලෙසද ඉල්ලා සිටින හමුදාපතිවරයා මෙම අසීරු අවස්ථාවේදී වෛරසය පැතිරීම අවම කරගැනීමට වගකීමෙන් යුතුව කටයුත කරන ලෙසද සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා කියා සිටියේ මෙවර ව්‍යාප්ත වන වෛරසය පළමු වතාවේ ව්‍යාප්ත වූ එකට වඩා බෙහෙවින් බල සම්පන්න එකක් බවයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණ වාර්තාව උපුටා දක්වමින් මෙම වෛරසය B142 වර්ගයේ සාස් වෛරසයක් ලෙසත් මෙය ගියවර එකට වඩා වේගයෙන් ගමන් කරන බවත් ඒ හා සමානවම මිනිසුන්ද ගමන් කරන්න ට පටන් ගත්තොත් වෛරසය ඉතා ඉක්මනින් මුලු රටම වෙලාගැනිමට හැකි බවත් පැවැසීය. විශේෂයෙන්ම මෙම වෛරසය මගින් හානි කළ හැකි පිරිසක් ගැනද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. කුඩා දරුවන්, වැඩිහිටියන්, නිදන්ගත රෝගීන් හා පිළිකා ආදියට ප්‍රතිකාර ගන්නා රෝගින්ට ඉක්මනින් මෙම වෛරසය ආසාදනය වි සංකූලතා ඇති විය හැකි බැවින් හැකිතාක් නිවෙස්වලින් බැහැර නොගොස් සියලු දෙනා නිවෙස් තුළටම වි සිටින ලෙස ඉල්ලයි. එමෙන්ම මේ දිනවල අහබු ලෙස PCR පරික්ෂණ කිරීමට නිලධාරීන් නිවෙස්වලට පැමිණෙන බවත් ඒ රාජකාරි කිරිමට සහය වෙන ලෙසත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පරීක්ෂණ මගින් රෝගය ආසාධනය වී ඇති බව තහවුරු වුවහොත් අදාල පුද්ගලයින් රෝහල් ගත කරන බවද පැවැසීය. මෙහිදී විශේෂ දුරකතන අංකයක් ද ලබා දුන් ඒ මහතා තමන්ට රෝග ලක්ෂණ පහළ වුවහොත් 0117966366 අමතා වහා ඒ පිළිබද දැනුම් දෙන ලෙසත් ඒ අවස්තාවෙදීම සෞඛ්‍ය නිලධාරීන් නිවසටම විත් අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කර ඉදිරියට ගත යුතු ක්‍රියා මාර්ග ගනු ඇති බවත් කීය.
 

More News..